කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව 20 සඳුදා මධ්‍යම රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙයි.
මිල ගණන් පහත පරිදිය.
- ඔක්ටේන් 92 ලීටරය රුපියල් 20කින් (නව මිල 177)
- ඔක්ටේන් 95 ලීටරය රුපියල් 23කින් (නව මිල 207)
- ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 121 )
- සුපර් ඩීසල් ලීටරය රුපියල් 15 කින් (නව මිල 159 )
- භූමිතෙල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 87 )
ඉන්ධන මිල කඩිනමින් ඉහළ දමන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබූ බව සඳුදා දහවල් වාර්තාවිය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇතැයි මුදල් ඇමැතිවරයා වෙත යවන ලද ලිපියේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval