four-girls-nabbed-expressway

දික්වැල්ල ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු සාදයක් සදහා යන බව කියමින් අලංකාර ලෙස සැරසී අධිවේගී මාර්ගය ඔස්සේ සුබෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් සිවුදෙනකු අධිවේගී මාර්ග කොට්ටාව පිවිසුමේදී ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.


32, 31, 30, 32 හැවිරිදි වියේ පසුවන සැකකාරියන් මිරිහාන, කළුබෝවිල, කටුවාවල හා පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියෝ වෙති.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර ඕස්ට්‍රේලියාවේ සිට මසකට පෙර පැමිණි කතක්ද වන බවත්, මෙම  සකකාරිය පාසල් මිතුරියන් වන අතර, කොළඹ ප්‍රදේශයේ සිට දික්වැල් පැවිති තවත් මිතුරියකගේ නිවසේ පැවැත්වෙන අලුත් අවුරුදු සාදයක් සදභා සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිට ඇති බව පරික්ෂණවලදී අනාවරණය විය.ඒ අනුව කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ඇතුළත් වීමට යාමේදී එහි වාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරින්ට මෙම මෝටර් රථිය පිළිබදව සැක සිතී නවතා පරික්ෂා කිරීමේදී

එහි සිටි එක් කාන්තාවක සත්තකයේ ඩාන්සින් ටැබ්ලට් 08 තිබී හමු වූ බවත්, පසුව තවදුරටත් එම කාන්තාව පරික්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ කොකේන් මත්ද්‍රව් ග්‍රෑමයක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන්, මෝටර්ථය සහ මත්ද්‍රව්‍ය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම මූලස්ථාන පොලීසියට භාරදීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජේ. පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ,

සහකාර පොලිස් අධිකාරි කපිල අබිනායක මහතාගේ උපදෙස් මත, අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන්, අධිවේගී මාර්ග අන්තර් හුවමාරු කොට්ටාව පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියශාත්ත, ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන මහත්වරුන් ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(මත්තේගොඩ- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)