විදේශයන්හි සිට බැංකු ගිණුම් හරහා ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පත්කිරීම අනිවාර්ය
කිරීමට මහ බැංකු අධිපතිවරයා නිකුත් කොට ඇති ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා
නීතිඥ සංගමය පෙරේදා (14දා) ගොනුකළ පෙත්සම ලබන ජනවාරි මස 10 වැනි දින කරුණු විමසුම සඳහා
කැඳවීමට ඊයේ (15දා) අභියාචනාධිකරණය නියම කළේය.
එම සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ
අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
එය ඊයේ (15දා) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය
මණ්ඩලය හමුවේ කැඳවනු ලැබිණි.
එහි වගඋත්තරකරුවන් ලෙස නම්කොට ඇත්තේ මහ බැංකු අධිපතිවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්
මණ්ඩලය, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුදල් ඇමැතිවරයාත්, නීතිපතිවරයාත්ය.
පෙත්සමෙහි මෙලෙස ප්‍රකාශ කොට ඇත. පෙත්සම්කාර සංගමය නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් මෙන්ම නීතියේ
ආධිපත්‍යය සම්බන්ධයෙන් නිරන්තරවම කටයුතු කිරීමට බැඳී සිටී.
පෙත්සම්කාර සංගමයේ සාමාජිකයන් වන නීතිඥවරුන් සිය සේවාදායකයන්ගෙන් අය කරනු ලබන ගාස්තු ශ්‍රී
ලංකාව තුළදී මෙන්ම ඉන් පිටතදීද විදේශ මුදල්වලින් ලබාගැනීම සිදු කරයි. A NRFC (Non
Residencial Foreign Currency) (Account) නේවාසික නොවන විදේශ මුදල් ගිණුම් හරහාය.
නැතහොත් වාණිජ බැංකු ගිණුම් හරහාය.
මේ අකාරයෙන් විදේශ මුදල් වශයෙන්ම එම මුදල් ලබාගැනීමෙන් ඔවුන්ට ඒවායින් තම විවිධ අවශ්‍යතාවන්
සපුරා ගැනීමට හැකිවීම මහත් සේ විපුලදායක විය.
එහෙත් මෙලෙස ඒ ආකාරයෙන් ලැබෙන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්යය
කිරීම මඟින් ඔවුන් හට මෙතෙක් හිමිවූ එම ලාභ ප්‍රයෝජන හා අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිවීමෙන්
ඔවුන්ට සිදුවනුයේ බලවත්ම අසාධාරණයක් මෙන්ම අකටයුත්තකි.
ඉකුත් ඔක්තෝබර් මස 28 වැනි දින මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ අංක 10 (1) වගන්තිය
යටතේ නිකුත් කොට ඇති 225/41 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් බැංකු ගිණුම් හරහා ලැබෙන
සියලුම විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කොට ඇත.
එය තම සාමාජිකයන්ගේ කිසිදු කැමැත්තකින් තොරව සිදුකිරීම මඟින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
140 වගන්තිය උල්ලංඝනය වන අතරම, 'එය ස්වාභාවික යුක්තිය' යන නීතියේ මූලධර්මයටද පටහැනිව යෑමකි.
එපමණක්ද නොව මෙමඟින් විදේශ විනිමය පනතේ විධිවිධානද අභිභවා යෑමක්ද සිදුවන බැවින් එම ගැසට්
නිවේදනය තවදුරටත් නීතියට පටහැනිවේ.
එබැවින් ප්‍රථම කොටම වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කොට, පෙත්සම කැඳවනු ලබන මුල්
අවස්ථාවේදීම මෙම ප්‍රශ්නගත ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම තාවකාලිකව අත්හිටුවමින් අතුරු ආඥාවක්
නිකුත් කරන ලෙසද පෙත්සම විභාග කොට එකී ගැසට් නිවේදනය ශූන්‍ය හා බලරහිත බවට 'රිට්' ආඥාවක්
මඟින් ප්‍රකාශයට පත්කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය යන පළමු හා
දෙවැනි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ තම සේවාදායකයන් හට පෙත්සම් පාර්ශ්වය
විසින් නොතීසි භාරදී නොමැති වුවද මෙහිදී නොතීසි බාරගෙන පෙනී සිටින බවත් එබැවින් පෙත්සම
හැදෑරීමෙන් පසු සේවාදායකයන්ගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබාදෙන ලෙසත්ය.
කෙසේ වෙතත් පෙත්සම සම්බන්ධයෙන් තම සීමිත විරෝධතා වාචිකව ප්‍රකාශ කරන බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම පෙත්සමෙන් ඉල්ලා සිටින අතුරු නියෝගය නිකුත් කිරීමටද තම විරෝධය සටහන් කරන බවද ජනාධිපති
නීතිඥ සිල්වා මහතා කියා සිටියේය.
මෙහිදී වගඋත්තරකාර මුදල් ඇමැතිවරයා හටද නොතීසි ලැබී නොමැති බැව් හා නීතිඥ නියෝජනයක් නොවීම
ගැන අවධානය යොමුකළ විනිසුරු මඬුල්ල එම වගඋත්තරකරු වෙත යළි නොතීසි නිකුත් කරන ලෙසටද නියම කළේය.
පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ජනවාරි මස 06 වැනි දින හෝ ඊට පෙරද, එම විරෝධතා
සම්බන්ධයෙන් වන ප්‍රතිවිරෝධතා ඊට පසු දිනම එනම් ජනවාරි මස 07 වැනි දින හෝ ඊට පෙරද ගොනු
කරන ලෙස දෙපාර්ශ්වයට නියම කළේය.
පෙත්සම ජනවාරි මස 10 වැනි දින යළි කැඳවීමට නියම කෙරිණි.
කමල් මහේන්ද්‍ර වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval