ඝානා පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පතක් පිළිබඳ විවාදයේ දී රජය සහ විපක්ෂය අතර මතභේදය කොතෙක් දුරදිග ගියේ ද යත්, පයින් ගැසීම් හා ගුටිබැට හුවමාරුවක් ද සිදු විය. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී. ඉලෙක්ට්‍රොනික ගෙවීම් බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂාකාරී තත්ත්වයක් ඇති කිරීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ විය. විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඝෝෂාවක් ඇති කරමින් සභාපති පුටුව අසලට පැමිණි අතර ඉන් අනතුරුව ගුටිබැට හුවමාරුවක් ද ඇති විය.
ගුටිබැට හුවමාරුව නොනැවතුණු විට ආරක්‍ෂක අංශයේ සිටි මාර්ෂල්වරුන් මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කිරීමට උත්සාහ කර තිබේ.
මාෂල්වරුන් නැවැත්වූවත් සටන පහව ගියේ නැත.
ඝානා රජයට විද්‍යුත් ගෙවීම්, එනම් ජංගම ගෙවීම් සඳහා බදු පැනවීමට අවශ්‍ය බව දක්වමින්මේ සඳුදා පාර්ලිමේන්තුවට පනත ගෙන ආ අතර අඟහරුවාදා පැවති ඡන්ද විමසීමේදී මෙම පනතට පක්ෂව සහ විපක්ෂව සමාන ඡන්ද ප්‍රකාශ වූ පසුව ඝෝෂාවක් ආරම්භ විය. මෙම පනත සම්මත වූවා නම් ජංගම මුදල් ගෙවීමේ ගනුදෙනුවල මුළු බිලෙන් 1.75%ක බද්දක් ජනතාවට ගෙවීමට සිදුවේ. මෙම පනත් කෙටුම්පත අඩු ආදායම්ලාභීන්ට තවත් කරදරයක් බව විපක්ෂය පවසා තිබුණි..
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට ඡන්ද 1ක් අවශ්‍ය නමුත් මෙම ඡන්ද විමසීම ජනවාරි 18 දක්වා කල් තබා ඇත.
ඝානාව යනු අප්‍රිකාවේ පිහිටි රටකි. එය අයිවරි කෝස්ට්, බුර්කිනා ෆාසෝ, ටෝගෝ සහ ගිනියා බොක්කෙන් මායිම් වේ. Video පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval