බලන්ගොඩ - බදුල්ල මාර්ගයේ තුඹගොඩ ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇද තිබෙන විදුලි රැහැන් මත රාත්‍රි කාලයේ විදේශීය පක්ෂීන් ලක්ෂ ගණනක් නවාතැන් ගැනීම අතිසුන්දර දසුනක් බවට පත්ව තිබෙන බව
ප්‍රදේශවාසීහු පවසති.මධ්‍යම ආසියාවෙන් සංක්‍රමණය වන අටුවැහිලිහිනියා නමින් හඳුන්වන මෙම පක්ෂිහු සෑම වසරකම දෙසැම්බර් සිට පෙබරවාරී දක්වා රාත්‍රි කාලයේ විදුලි රැහැන් මතට පැමිණෙති. රාත්‍රි කාලයේ පක්ෂින් ජෝඩු වශයෙන් විදුලි රැහැන් මත ගත කර උදේ එළිය වැටෙද්දී පියාසර කර දවස පුරා ප්‍රදේශයේ වෙල්යායවල් වල ඇවිද ධාන්‍ය හා කෘමි සතුන් ආහාරට ගැනීමෙන් පසු නැවත අඳුර වැටෙද්දී සුපුරුදු නවාතැන සොයා පැමිණෙති.
රාත්‍රි කාලයේ විදුලි රැහැන් මත නවාතැන් ගන්නා ලක්ෂ ගණනක් වන මෙම කුඩා පක්ෂීන්ගේ දර්ශන දැක බලා ගැනීමට සංචාරකයින් පවා පැමිණෙන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. මේ අතර, නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට තද මිදුම් මෙන්ම සීත කාලගුණික තත්වයක් පවතින බවද ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.
(ලුණුගල -ප්‍රසන්න පත්මසිරි)
Comments
Post a Comment
Your comment will be visible after approval