මනෝ විද්‍යා හා පෞරුෂ සංවර්ධන උපදේශකවරයකු, ධනාත්මක චින්තන දේශකයකු හා ලේඛකයකු වන චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ටික කලක් තිස්සේ අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ඒ මහතා මියගොස් ඇත.ධනාත්මක චින්තන, පෞරුෂ සංවර්ධනය මෙන්ම කාව්‍ය ග්‍රන්ථ ද ඔහු විසින් රචනා කර ඇත.