නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගරයේ එක් ටර්බයිනයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර විදුලිය බිඳවැටීම් සිදු විය හැකි බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මීට සති දෙකකට පමණ පෙරදීත් මේ ආකාරයෙන් ම නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදු වීම හේතුවෙන්
දිවයිනේ සමස්ත විදුලි පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 25%කට පමණ බලපෑම් එල්ල විය.
එය නිවැරැදි කර ගැනීමට විදුලි ඉන්ජිනේරුවන්ට දින තුනක්ට ආසන්න කාලයක් වැය වූ අතර, එම බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ව්දුලි ඉන්ජිනේරුවන් සහ ජ්‍යේෂ්ඨ විදුලි ඉන්ජිනේරුවන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ද උද්ගත විය.
Comments
Post a Comment
Your comment will be visible after approval