several-children-killed-in-australia-bouncy-castle-tragedy

එළිමහනේ විනෝද ක්‍රීඩා අංගනයක ‘බවුන්සි කාසල්‘ උපාංගයක පනිමින් විනෝදවෙමින් සිටියදී ඕස්ට්‍රේලියානු පාසලක කුඩා දරුවන් ඉහළ අහසට විසිව යාමෙන් අනතුරට ලක්වී හතර දෙනෙකු  මිය ගොස් තවත් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



පොලීසිය පැවසුවේ, උතුරු ටැස්මේනියාවේ ප්‍රාථමික පාසලක සිසුන් නත්තල් නිවාඩුවට පෙර පන්තිවල අවසන් සතිය සමරමින් සිටියදී මෙම උපාංගය නිසා මීටර් 10 (අඩි 33) පමණ උසකින් විසි වී ඇති බවයි.

"දරුවන් හතර දෙනෙකු මිය ගොස් ඇති අතර සිව්දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර එක් අයෙකු අතිශය බරපතල තත්ත්වයේ පසුවන බව මට දැන් කණගාටුදායක ලෙස තහවුරු කළ හැකිය" යනුවෙන් ටැස්මේනියානු පොලිස් කොමසාරිස් ඩැරන් හයින් පැවසීය.

අනතුරට ලක්ව ඇත්තේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පිරිමි ළමුන් දෙදෙනකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකි - මේ අයගේ වයස අවුරුදු 11ක් පමණ වේ.

මෙම සිදුවීම සිදු වූයේ බ්‍රහස්පතින්දා එරට ප්‍රාදේශීය වේලාවෙන් උදේ 10 ට පමණ Hillcrest ප්‍රාථමික පාසලේදීය.

සිද්ධිය වූ දිනයේ තස්මේනියාවේ උතුරු වෙරළ තීරයේ, ශීතල බාස් සමුද්‍ර සන්ධිය හරහා අදාළ ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය කාලගුණ සේවා “සැහැල්ලු සුළං” පුරෝකථනය කර තිබුණි. නමුත් අධික සුළං තත්වයක් අනතුර සිදුවන අවස්ථාවේ ඇතිව තිබේ.

සිද්ධියෙන් පසු තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ගලවා ගැනීමේ හෙලිකොප්ටර් සහ ගිලන්රථ කිහිපයක් එම ස්ථානයට පැමිණ තිබේ.

“ඉතා දුක්ඛිත දර්ශනයක්” ලෙස නිලධාරීන් විස්තර කළ අතර කඳුළු සහ නිල් ටාපෝලින් තහඩු ආවරණය කරමින් සිරුරු රැගෙන යාමට පොලිස් නිලධාරීන් සහභාගි වන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ මෙම සිද්ධිය හද කම්පා කරවන්නක් බවයි.
පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. 

(ඕස්ට්‍රෙලියානු මාධ්‍ය ඇසුරිනි - Gossiplankanews.com)