නිසි ප්‍රමිතියකින් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇතිවූ අනතුරු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම ඉදිරිපත්කර ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනි.
බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම රිට් පෙත්සම ගොනු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval