සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් සටහනක් තබමින් ජනවාරි 01 සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමට එන්නත් කාඩ් අනිවාර්ය බව දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බවත්, ඒ අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් හෙතෙම දන්වා ඇත.
වාර්තාවන ආකාරයට එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයන්ට විශේෂ යෙදුමක් (APP) හා කේත අංකයක් (QR CODE) ලබාදීමට නියමිතය. යම් පොදු ස්ථානයකට එන්නත් කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් එහි වගකීම කළමනාකාරීත්වය විසින් භාරගත යුතු බවද සෞඛ්‍ය ඇමැතිවරයා දන්වා ඇත.
එන්නත ලබානොගෙන සිටීමට ඕනෑම අයකුට අයිතියක් ඇති නමුත් අන් අයගේ ජීවිත අවදානමකට ලක් කිරීමට අයිතියක් නොමැතිඅවීම මත මෙම නීතිය හඳුන්වා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval