හොරොයින් සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින සිරකරුවකුගේ නමට පෙරේදා (27) තැපැල් මගින් මෙම පාසලය එවා ඇති බවත්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිරකරු ඉදිරියේ මෙම පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබූ කොට කලිසමේ ඉන වාටියේ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම හෙරොයින් ,සොයාගත් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.
කලිසමේ ඉණ වාටියේ මැහුම් කිහිපයක් ගලවා ඒ තුළට හෙරොයින් දමා යළි මැහුම් ගසා තිබූ බවත්, නිලධාරීන් සූක්ෂම ලෙස එය පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් සොයාගත් බවත් විශේෂ කාර්ය බළකාය කියයි. එහි හෙරොයින් මිලිග්‍රෑම් 680 ක ප්‍රමාණයක් තිබී ඇත. මෙම සැකකරු 2019 වසරේ සිට මෙම බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින බවද විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සිරකරු වැඩිදුර පරීක්ෂණ සඳහා බන්ධනාගාර නිලධාරීන්ට බාරදී ඇත.
-ඉන්දිකා රාමනායක-

Comments
Post a Comment
Your comment will be visible after approval