ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පාකිස්තාන නියෝජිතයා ලෙස වසර ගණනාවක් කටයුතු කරන එරට ප්‍රකට වෛද්‍යවරයෙකු වන නියාස් බ්‍රෝහී මහතා පසුගියදා ප්‍රියන්ත කුමාර සියල්කොට්හි දී අන්තවාදී මැර පිරිසක් අතින් වධහිංසනයට හා ඝාතනයට ලක්කිරීම හෙළා දැක ඇති අතර සිය ශෝකය ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ලිඛිතව දන්වා තිබේ.
කරච්චි හි සුප්‍රසිද්ධ ස්පෙන්සර් අක්ෂි රෝහලේ හිටපු ප්‍රධානි නියාස් බ්‍රෝහි මේ වනවිට අක්ෂි කෝනියා බද්ධ කිරීම් රාශියක් සිදු කර ඇති වෛද්‍යවරයෙකි.
පාකිස්තානයේ ඩිජිටල් නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ රටවලට කෝනියා 83,200ක් පමණ පරිත්‍යාග කර ඇති බවයි. එලෙස ශ්‍රී ලංකාවේ කෝනියා පරිත්‍යාගවලින් 40%ක් ලබාගෙන ඇති විශාලතම ප්‍රතිග්‍රාහකයා පාකිස්තානය බව වෛද්‍ය බ්‍රෝහි කියා සිටි.
1967 වසරේ සිට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් පකිස්ථානයට අක්ෂි කෝනියා 35,000ක් පරිත්‍යාග කර ඇති බවද ඔහු පැවසුවා.
මෙම සාකච්ඡාවේදී වෛද්‍ය බ්‍රෝහී සියල්කොට් සිද්ධිය පිළිබඳ නැවත වරක් සංවේදී වෙමින් පැවසුවේ “ශ්‍රී ලාංකිකයා අපට ඇස් දන් දුන්නා, නමුත් අපට පෙනීම නැති වී ඇත” යනුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval