පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක් වන ඔටෝ මිරාජ්හි ශාඛා දෙකක පරිගණක පද්ධති තුළ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි 13කට අධික මුදලක් වංචා
සහගතව සොරාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම ආයතන දෙකේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ
සැකකාර අඹුසැමි යුවළක් රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නුගේගොඩ
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (14දා) නියෝග කළේය.
තලාහේන ප්‍රදේශයේ පදිංචි නඩරාජා චන්ද්‍රමෝගන් හා ඔහුගේ බිරිය වන සිව්ලින් කාවෝ යන දෙදෙනා
එසේ ඇපමත මුදා හැරිණි.
ඉහත සඳහන් වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයට සම්බන්ධ පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ශාඛා
දෙකේ කිසියම් මුදල් වංචාවක් සිදු වන බවට එම ආයතනයේ ගණකාධිකාරිවරයකු වන තරින්දි සිල්වා මහතා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව එම දෙපාර්තමේන්තුව මඟින් සැකකරු හා
සැකකාරිය කොල්ලුපිටිය හා කඩුවෙල යන ප්‍රදේශවල සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කර තිබිණි.
එම ආයතනයේ ගණකාධිකාරිවරුන් යොදවා සිදුකළ විගණන පරීක්ෂණයකදී සැකකාර අධ්‍යක්‍ෂවරයා හා
අධ්‍යක්‍ෂවරිය එම ශාඛා දෙකේ පරිගණක පද්ධතිය තුළ වෙනම ගිණුම් දෙකක් පවත්වාගෙන යමින් එම
ශාබා දෙකෙන් රුපියල් මිලියන 69 හා 53ක් වශයෙන් රුපියල් කෝටි 13 කට අධික මුදලක් වංචා සහගතව
ලබාගෙන ඇති බවද පැමිණිලිකාර ගණකාධිකාරිවරයා සිය පැමිණිල්ල මඟින් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබිණි.
ඉහත සඳහන් කළ සැකකාර චන්ද්‍රමෝගන් නමැත්තා එම ආයතනයේ සභාපතිවරයා වශයෙන් පෙනී සිටිමින්
මෙම මුදල් වංචාව කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ විමර්ශනයේදී
අනාවරණය කරගෙන තිබූ බවද අධිකරණයේදී අනාවරණය කෙරිණි.
ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වයේ හා විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරුන්
අධිකරණයට කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ව ඇප මත මුදා හරින
ලෙස නියම කළේය.
නඩුව අප්‍රේල් 29දා නැවත කැඳවීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval