වීරකැටිය – කැකුණයායපොල අසළ මාර්ගයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවේ.
අලුයම 5 ට පමණ මෙම පුද්ගලයා සිය සොයුරාව රාජකාරී සඳහා ඇරලවා ඇති බවත්
ඇසින් දුටුවන් සාක්ෂි සපයා ඇත්තේ යතුරු පැදියේ සිටි පුද්ගලයාට පහර දෙන්නට යනවිට ඔහු යතුරු පැදියෙන් බැස දිවගිය බවත් අනතුරුව ඔහුට පහරදී බිම වැටුණ පසු ආයුධයෙන් ඇණ මරා ඇති බවත්ය.
අද අලුයම් කාලයේ මෙලෙස ඝාතනය කර ඇත්තේ වෑකඳවල ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු විවාහකයෙකු බවත් තිදරු පියෙකු බවත් වාර්තාවිය.
පොලිසිය පසුව කළ විමර්ශනයේදී මෙම මියගිය අය අපරාධ නඩු ගණනාවක චූදිතයෙකු බව අනාවරණය කරගෙන තිබේ. ඔහු අවසන්වරට මංකොල්ලකෑමක් නිසා බන්ධනාගාරගතව සිට මීට දින කිහිපයකට පෙර නිදහස ලබා පැමිණ සිටි බවද වාර්තා විය.
වළස්මුල්ල මහේස්ත්රාත්වරයා විසින් මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙයි.
වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval