tissakuttiarachchi-rohini-kaviratne

මෙවර අයවැය විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අතර ඇතිවූ සංවාද කිහිපයක් මේ වනවිට විවිධ තැන්වල කතාබහට ලක්වෙමින් පවතී.
රෝහිණී කවිරත්න මහත්මිය සිය අයවැය විවාද කතාවේදී බඩු මිල ඉහළයාම සම්බන්ධයෙන් උදාහරණ සහිතව කළ කතාවට එරෙහිව ව්‍යංගාර්ථයෙන් අසභ්‍ය කාරණා මතුකරමින් තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිය කතාවේදී පිළිතුරක් දී ඇති අතර එම කතාව දැඩි ආන්දෝලනයකට හේතුවී ඇත.


‘ඇය අපෙන් අහනවා වම්බටු කීයද පලා කීයද ගහල කීයද කියල..මේ පැත්තෙ මන්ත්‍රීවරයෙකුගෙන් ඇහුවා රෝහිණී කවිරත්න ‘වම්බටු ගහල පලා ගත්තද.. ‘කියල. ඕක ගිහින් අහන්න සජිත් මහත්තයගෙ නෝනගෙන්. (පිටුපස සිටි අයගේ සිනා) ඇයි ඕක අපෙන් අහන්නෙ....‘
ලෙසින් තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියූ අවස්ථාවේ සභාවේ රීති ප්‍රශ්නයක් මතුකරමින් කාන්තාවන්ට අපහාස කළ බවට වචන අඩංගුවූ බව විපක්ෂ මන්ත්‍රීවරයෙකු දැන්වූවද එවන් අදහසක් ඇසුනේ නැතැයි මූලාසනයෙන් කීය.
මෙම කතාවෙන් පසු තිස්සකුට්ටිආරච්චි සම්බන්ධ විවිධ විවේචන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අතර ඊයේ හිටපු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද කාන්තා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මාධ්‍ය හමුවක් පවත්වා මේ ගැන අප්‍රසාදය පළ කළාය.
මේ අතර රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට පැවති උත්සවයකදී පිළිතුරු කතාවක්ද කර තිබේ.


එහිදී ඇය මෙසේ කීවාය.
‘මම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක කුක්කුර ජාතකේ රජගෙදර බදුල්ලේ බල්ලා බුරලා තිබුණා.පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි. රජගෙදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කනවා. ඒක ගැන කිව්වාම චීන අශුචි පොහොර නැනෝ පෙහොර හොරා කාපු රජගෙදර එකා බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා’