අනුරාධපුර, සඳහිරු සෑ කොත් වහන්සේ මත චූඩා මාණික්‍ය තැන්පත් කීරීම අද (08) උදෑසන මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සිදුවිය.
සඳහිරු සෑ රඳුන් සසුනට පූජා කිරීමේ මහා පිංකම නොවැම්බර් මස 18 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි
2010 වසරේ නොවැම්බර් 11 වනදා පළමු පස් පිඩැල්ල කැපීමේ සිට පුරා වසර 11 ක් මුළුල්ලේ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුයේ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැනුමෙන් හා ශ්‍රමයෙනි.
දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිස් හැකි සෑම අවස්ථාවකදී ම ශ්‍රම දායකත්වය හා මුල්‍ය දායකත්වයද මේ සඳහා ලබාදුන් අතර එළඹෙන 18 දිනෙන් පසු බෞද්ධ ජනතාවට මෙම සිද්ධස්ථානය වැදපුදා ගැනිමේ අවස්ථාව උදාවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval