අඟහරුවාදා කොළඹ පැවති සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට බෝම්බගසන බවට එක්තරා ප්‍රචාරයක් අඟහරුවාදා උදෑසන පළවී තිබුණි. ජාතික පුවත්පතකද ඒ ගැන සඳහන් වුණි. නමුත් මෙම ප්‍රහාරයට බෝම්බ වැදුනේ නැත.
මේ අතර අඟහරුවාදා සන්ධ්‍යා කාලයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා හඩ පටයකින් දන්වා සිටියේ මෙම බොම්බ ප්‍රහාරය එල්ල කරන ලද බව කියූ පණිවිඩය ගැන විමර්ශනය කළ බවත් යම් අයෙකු විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණ කොළ කැබැල්ලක මේ ගැන සටහන් කර දමා ගොස් තිබූ බවත්
බස් රථයකින් මෙම තොරතුරු ලබාගත හැකි බවට සටහන්ව තිබූ බවත්ය. කොළය දමා ගොස් තිබූ අය පරීක්ෂණ මගින්සොයා ගත් පසුව ඔහු මන්ද මානසිකයෙකු බව මෙම පරීක්ෂණයේදී හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්වා සිටියේය. ඔහුගේ බෑගයේ මේ ආකාරයේ සටහන් තබා ඇතිකොළ තිබූ බවත් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval