රුසියාව සතුව යුක්රේය ආක්‍රමණය කිරීම් කිසිදු අදහසක් නොමැති බවත්, එවැනි අදහසක් මතුකිරීම එක්සත් ජනපදයට හිතවාදී මාධ්‍ය විසින් සිදු කරවූවක් වන බවත් රුසියාවේ විදේශ බුද්ධි අංශ ප්‍රධානී සර්ජි නර්ෂ්කින් පවසයි.එක්සත් ජනපදය, නේටෝ සංවිධානය මෙන්ම යුක්රේනයේද පසුගිය සති කිහිපයේදී මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරමින් රුසියානු හමුදාවන් යුක්රේනය ආසන්න දේශසීමාවේ අසාමාන්‍ය ලෙස හැසිරෙමින් සිටින බව සදහන් කර තිබුණි.
ඒ අනුව යම් මොහොතකදී යුක්රේනයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවති බවත් එහිදී ඔවුන් පුන පුනා සදහන් කර තිබුණි.කෙසේ වෙතත් රුසියාව මෙම අදහස ප්‍රතික්ෂේප කරමින් තමන්ට කිසිදු ලෙසකින්වත් යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් නොමැති බවත්, එය සිය භූමිය ආරක්ෂා කිරීම සදහා සෙබළුන් යෙදවීමක් පමණක් බවත් අවධාරණය කර තිබුණි. "මේ සිදුවීම සම්බන්ධයෙන් අද වාර්තාවෙන සිදුවීම් සියල්ලම එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශය මගින් ගෙන යන කටකතා විතරයි.” යනුවෙන් රුසියානු බුද්ධි අංශ ප්‍රධානියා සදහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval