සම්මානලාභී රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර පසුගිය සතිඅන්තයේ පුවත්පතකට මෙසේ කියා තිබේ.
‘මට කවදාවත් ජනප්‍රියත්වය රැකගන්න ආසාවක්, වුවමනාවක් තිබ්බෙ නෑ. කලාකරුවෙක් විධියට මට හැමදාම ඕන වුණේ ඊළඟ නිර්මාණය හොඳට කරන්නේ කොහොමද කියන එකට ඉලක්කගත වෙන්න විතරයි. ජනප්‍රියත්වය සෙවීම හා ඒක නඩත්තු කිරීම මට අනුව විහිළුවක්.
මට ඕන මට සහ මුළු මහත් කලාවට වෙලා තියෙන ඛේදවාචකයට ප්‍රායෝගික විසදුමක් හොයාගෙන එක අඩියක් හරි මේක ඉස්සරහට ගන්න
විතරයි. එහෙම නැතිව අනවශ්‍ය මෝඩ දේවල්වලට සටන් කරන්න මට වුවමනාවක් නැහැ. සරලවම කිව්වොත් මට ක්‍ෂේත්‍රය තුළ ඉන්න කාත් එක්කවත් තරගයක් නැහැ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval