හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බන්ධනාගාරයෙන් නිදහස් වුවහොත් ඔහුට සිය ආසනය පූජා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (09) ඉදිරිපත් වුයේය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු අද ඒ බව කීවේය.
රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා තමන් ඉවත් වන බව ප්‍රනාන්දු මහතා පැවසීය.
මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී තමන් ඡන්ද ලබාගෙන නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවනු ඇති බවයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
වරදකරු වූ දා සිට ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකර සිටියි.
පාර්ලිමේන්තුවේ අවස්ථා කිහිපයකදී විපක්ෂයේ විරෝධය එල්ල වුවද රාමනායක මහතාට දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි විය.
රන්ජන් රාමනායක මහතා වෙනුවට සමගි ජන බලවේගයේ සාමාජික අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval