රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද උදෑසන සිදුවූ නායයාමක් නිසාවෙන් විපතට පත් පවුලක පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 611 වන බලසේනාවේ සහ 08 වන සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කළහ.
යුද්ධ හමුදා භට පිරිස් විසින් මුදාගනු ලැබූ එම පවුලේ මව පියා සහ දියණියත් තවත් ඥාති දියණියකුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇත. නමුත් බරපතල තත්ත්වයේ සිටි මව (36) දියණිය (08) සහ ඥාති දියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. පියා (46) මේවන විට රඹුක්කන රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබයි.
යුද්ධ හමුදා භටපිරිස් මේවන විටත් සහන සේවා කටයුතුවල නිරතව සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval