ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් අටදෙනෙකු ඇතුළුව විකිරණ අංශයේ දාහතරදෙනෙකුට කොවිඩ් ආසාදිත වී තිබේ.
මෙම පිරිස අතර විකිරණ විද්‍යා තාක්ෂණ අංශයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හයදෙනෙකුද සිටියි. තවත් විකිරණ විද්‍යා තාක්ෂණවේදින් දෙදෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති පැවසුවේය.
ජාතික රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් එකසිය විසිහතර දෙනකු අවශ්‍ය බවත් නමුත් සේවය කරනු ලබන්නේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින් 68ක් බවත් එම සංඛ්‍යාවද කොවිඩ් හේතුවෙන් 58 දක්වා අඩුවි ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් රාජකාරි කටයුතු කිරීම ගැටලුවක් වී ඇති බවද එම සංගමය පැවසීය.
(වරුණි පෙරමුණ)
Comments
Post a Comment
Your comment will be visible after approval