මහනුවර ගුරුදෙණිය මාර්ගයේ ඉළුක්මෝදර ප්‍රදේශයේදී පෙරේදා (27දා) රාත්‍රියේ මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගගට වැටීමෙන් අතුරුදන්ව තිබූ මෝටර් රථය හා එහි සිටි පුද්ගලයාගේ සිරුර නාවික හමුදා කිමිඳුම් අංශයේ භට කණ්ඩායමක් විසින් ඊයේ (28දා) පස්වරුවේ සොයා ගැනිණි.
මෙම කිමිඳුම් කණ්ඩායම් විසින් අඩි 40ක පමණ ගැඹුරේ තිබූ මෝටර් රථය පළමුව සොයා ගත් අතර මේ අතර එහි පසුපස අසුනේ සිටි බව කියන අදාළ පුද්ගලයාගේ සිරුර එහි නොතිබීම නිසා නාවික හමුදා කිමිදුම් අංශයේ භට කණ්ඩායමක් පැය දෙකක පමණ මෙහෙයුමක් දියත් කර මඩ අතර සිරවී තිබී සිරුර සොයා ගැනීමට සමත් විය.
මෙම සිද්ධියෙන් මෝටර් රථයේ රියදුරා සහ තවත් අයෙකු දිවි ගලවා ගෙන ඇති අතර ඔවුහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලීසිය විසින් රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් ආපසු ගුරුදෙණිය බලා ගමන් ගනිමින් සිටියදී මෝටර් රථයේ ගමන් ගත් පිරිස මෙම අනතුරට මුහුණ දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය කර ගෙන ඇත. ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි අමිල ඒකනායක නමැත්තෙකු අනතුරින් මිය ගොස් ඇති බවට හඳුනා ගෙන ඇත. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිළිබද පරික්ෂණ පැවැත්වේ.
(දුම්බර - එම්.ආර්. ප්‍රදිප්)
Comments
Post a Comment
Your comment will be visible after approval