litro-fb-comments-gas-blast

දිගින් දිගට වාර්තාවන ගෑස් පිපිරුමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ලංකාවේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන ප්‍රධාන ගෑස් සමාගම් දෙකටය. ලිට්‍රො ඊයේ මේ ගැන පැහැදිලි කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ලාෆ්ස් පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. 



ලාෆ්ස් කියා සිටියේ ඉස්සර ප්‍රොපේන් - බියුටේන්  20-80 අනුපාතය දැන් 30-70 බව පමණි. නමුත් පාරිභෝගික අධිකාරියේ හිටපු ප්‍රධානියා පැහැදිලිව කියන්නේ  එම අනුපාතය 50-50 බවයි.
ගෑස් බර අඩු සිලින්ඩරයක් හඳුන්වාදී ලාභ ලබන්නට පසුගිය මාසවල උත්සාහ දැරූ මෙම සමාගම් පසුව ගෑස් මිල ඉහළ නැංවීමට හිඟයක් මතු කොට ‘මස් රාත්තල‘ ඉල්ලූ බවත් දැන් ගෑස් බියුටෙන් කොලිටිය බාල කර ඉක්මණින් ඉවර වෙන හා ප්‍රෙෂර් එක වැඩි නිසා පිපිරුම් සිදුවන්නට ඉඩ තිබෙන ගෑස් ලබාදී අන්තරායේ හෙලා ඇති බවට ජනතාව චෝදනා කරති.
මෙම විවේචන මැද ලාෆ්ස් සමාගමේ ෆේස්බුක් පිටුවේ පාඨක කොමෙන්ටු වැටීම නවතා ඇත. ඒ අතරම ලිට්‍රො සමාගමේ ෆේස්බුක් පිටුවේ පාඨක කොමෙන්ටු රැසක් ෆිල්ටර් කර ඇති මුත් ඉතිරිව තිබෙන විවේචනාත්මක කොමෙන්ටු කිහිපයක් පහතින් වේ.