ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අද(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.

ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත රැසක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.


 විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක විය.
සඳ කිනිනි නැමී , ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු , දැල් වූ පහන් ඇතුළු ගීත 80 කට ආසන්න සංඛ්‍යාවක් ගායන ක්ෂේත්‍රයට දායාද කර තිබේ.
1975 වසරේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා  රංගන ශිල්පියෙකු ලෙස ද නිර්මාණ කිහිපයකට සම්බන්ධ විය.රේඛා ටෙලි නාට්‍යයෙන් රංගයෙන් කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ගංඟා සහ නිශ්ශංක , ඉර පායා සහ දත්කැකුළු පාලා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිතය නිරූපනය කළේය.
ඔහුගේ පවුලේ අයද කලාවට සම්බන්ධිතය. ඔහුගේ බිරිය දිවංගත රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මියයි. ඔහුගේ දියණිය අමා විජේසේකරයි.
ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.