ත්‍රිකුණාමලය කින්නියා කුරින්ජන්කේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් දැරියක් මියගොස් තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේ දැඩි ලෙස අසාධ්‍යවීම නිසා කින්නියා රෝහලින් ත්‍රීකුණාමලය රෝහලට මාරුකර යැවූ දැරිය ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී දින 5 කට පසු ඊයේ (27) රාත්‍රියේ මෙසේ අවාසනාවන්ත ලෙස මියගියාය.
කින්නියා අල් අස්කර් විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ෆාතිමා නෆා නමැති මියගිය දැරිය
06 හැවිරිදි වියේ පසුවූ අතර ඇය කුරුඤ්ඤංකේනිහි පදිංචිව සිටියාය.
ඇය පාසල් යමින් සිටියදී මෙම අනතුරට ලක්විය.
පසුගිය 23 වනදා උදෑසන මෙම අනතුර සිදුව අවස්ථාවේ පාසල් ළමුන් ඇතුළු 25 දෙනෙකුට අධික පිරිසක් එහි ගමන් කරමින් සිට තිබූ බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් එදින අවුරුදු 03ත් 08ත් අතර ළමුන් සිව් දෙනෙකු, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම මරණයත් සමග ජීවිතක්ෂයට පත්වූ ගණන 7 දක්වා ඉහළ ගියේය.
දියේ ගිලී අනතුරට ලක්වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා කින්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන රෝහල් වෙත ඇතුළත් කර තිබුණි.
මේ අතර සිද්ධියට අදාළ පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැනුණු අතර පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා පසුගිය 26 වනදා අත්ඩංගුවට ගැනුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval