කතරගම දේවාලයට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් ද අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ අතර කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බරුති රන් තැටියක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අංගොඩ ලොක්කාගේ බිරිද වන අගම්පොඩිගේ නිසසංලා නැමැත්තියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ ප්‍රකාශයක් ලබාගෙන ඇත.
අංගොඩ ලොක්කගේ පුතාගේ අපල දුරුවීම සඳහා එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර ඇත්තේ 2019 වසරේ ජූලි මස 03 වනදා බවට තොරතුරු අනාවරණය වි තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval