ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භික්‍ෂු නේවාසිකාගාරයේ වැඩ සිටින ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 31 නමකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළ වී තිබෙයි.
විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පැවසුවේ විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ සිටි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 11 නමකට කොරෝනා වෛරසය මුලින් ආසාදනය වී ඇති බවත් පසුව සොයා බැලීමේදී තවත් 20 ක් සමග එකතුව 31 කට කොරෝනා ආසාදනයවූ බව හඳුනාගෙන තිබේ.
මේ වනවිට සංඝාවාසය තුළ භික්‍ෂූන් වහන්සේ 60 ක් පමණ වැඩ වාසය කරන අතර ඉන් වැඩිදෙනෙකුට රෝගය බෝවී ඇති නිසා උන්වහන්සේලා රැදී සිටින සංඝාවාසය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval