අහංගම පොලිස් වසමේ හෝටලයක ගෑස් සිලින්ඩරයට සවිකර ඇති බටය පුපුරා ගොස් ගෑස් කාන්දුවක් සිදුවී ඇති බව වාර්තා වේ.
එමෙන්ම විශාල ශබ්දයක් හටගෙන ඇති බවද පොලිසියේ ඉහළ නිලධාරියෙකු සදහන් කොට ඇත.
මෙම ගෑස් සිලින්ඩරය හෝටලයේ මුළුතැන්ගෙට පිටතින් සවිකර තිබු බව දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් නොමැති බව අහංගම පොලිස්ථානය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
එමෙන්ම, ජාඇල - තුඩැල්ල ප්‍රදේශයේ නිවසකින් ද ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමගින් ගෑස් ලිප පුපුරා යාමේ සිද්ධියක් වාර්තා විය.
මේ වනවිට රත්නපුර, අලව්ව, වැලිගම, කොළඹ තුරඟ තරඟ පිටිය,පන්නිපිටිය, නිකවැරටිය කෑගල්ල හා පුත්තලම ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපුරුම් වාර්තා විය.
පිපිරුම් සිලින්ඩරවල සංයුතිය නිසා සිදුව ඇතිද යන්න විමසූ වාර්තාසඳුදා ප්‍රකාශ කළ හැකි බව
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval