
කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමූ 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණු පහේ ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන් සම්බන්ධ නව දිනයන් කැබිනට් මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පත්‍රිකාවක් යොමු කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.
ඒ අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ ජනවාරි මස 22 වෙනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වෙනිදා සිට මාර්තු මස 05 වෙනිදා දක්වා පැවැත්වේ.
සාමාන්‍ය පෙළ විභාගය 2022 වර්ෂයේ මැයි මස 23 වෙනිදා සිට ජුනි මස 01 වෙනිදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval