ජාතික සම්පත් විකිනීමට එරෙහි තෙල් , වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඔවුන් ලබන 3 වනදා ගෙනයන විරෝධතාව ගැන පැහැදිලි කර තිබේ.
ලංවිම විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ එළඹෙන 3 වැනිදා තමන්ගේ පිරිස රාජකාරී සඳහා වාර්තා කරන නමුත් සියලුම සේවකයින් කාර්යාලයෙන් පිටවී උදඝෝෂන ව්‍යාපාරයක් වෙනුවෙන් කොළඹට කේන්ද්‍රගතවන බවයි. ඒ නිසා එදින රටේ විදුලි බලය බිඳවැටීමට සලස්වා නැති බව ඔහු කියා සිටියේය.
නමුත් විදුලි හදිසි බිඳවැටීම් නඩත්තුව ඇතුළු අතිරේක සේවා නවතින බවත් එදින කවර ආකාරයේ විදුලි ප්‍රශ්නයක් වුවොත් ඒ ගැන තම පිරිස් වග නොකියන බව දන්වා සිටියේය.
ඔහු මෙසේ කීය.
“එළඹෙන තුන්වැනිදා අපි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම් කර තිබෙනවා .
29 සිට අත්සන් කරන ලද පෙත්සමක් අප එදිනට භාර දෙනවා.නිශ්චිතවම කියනවා තුන් වෙනිදා වැඩවර්ජනයක් නෑ.නමුත් සියලුම බලාගාර වල සිටින සේවකයන් අපි කොළඹට කැඳවනවා. යම් බිඳ වැටීමක් සිදු වුනත් එයට අපිට වගකියන්න බෑ ”
Comments
Post a Comment
Your comment will be visible after approval