ඇතිව තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඩයලොග් ටීවී සැටලයිට් සම්බන්ධතාවයන් ලබා ඇති ග්‍රාහකයින්ට සිය සේවා සැපයීමට නොහැකිව ඇති බව ඩයලොග් ආයතනය දන්වා තිබේ.
ඊයේ 23 සවස සිට මේ දක්වා මෙම තත්වය පැනනැගී ඇතැයි වාර්තාවේ.
ඩයලොග් සිය පාරිභෝගිකයින් වෙත ඒ ගැන මෙසේ දන්වා ඇත.
‘හිතවත් පාරිභෝගිකය,
මේ මොහොතේ අපගේ චන්ද්‍රිකා සම්ප්‍රෙෂණයේ ඇතිවූ බාධාවක් හේතුවෙන් ඩයලොග් ටෙලිවිෂන් චැනලයන්හි විකාශනයට බාධාවක් සිදුව ඇති බව කණගාටුවෙන් දන්වමු.
එය ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට අප මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නෙමු.
සේවා යථා තත්වයට පත්වූ විගස ඔබට දැනුම් දෙන්නෙමු.
ඒ හේතුවෙන් ඔබට සිදුවූ අපහසුතාවයන්ට අපගේ බලවත් කණගාටුව.
-ඩයලොග් ටීවී
Comments
Post a Comment
Your comment will be visible after approval