2022 අයවැය අද 12 දින පාර්ලිමේන්තුවේදී පස්වරු 2 ට ආරම්භවීමට නියමිතය. මේ නිසා එහි ආවරණ කටයුතු වලට මාධ්‍යවේදින්ද සූදානමින් පසුවේ.
ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඇන්ටිජන් පරීක්ෂාව තුළින් තහවුරුවී ඇති අතර ඒ හේතුවෙන් ඔහු සමග පැමිණි 09 දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු නොකර යළි හරවා යවා ඇති බව වාර්තා වෙයි.
අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද සිට අයවැය විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනි දා තෙක් කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ
අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සිමීත පිරිසකට පමණක් අයවැය කාරක සභාවට සහභාගි වීමට අවසර ලබා දී තිබෙවයි.
ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් අද විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval