නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ නිවසක අද (26) පස්වරුවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
 නිකවැරටිය පොලිසිය පැවසුවේ සිද්ධිය ගෑස් පිපිරීමක් බවට සැක කරන බවයි.


පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති බවද සඳහන්ය.
හිමිකරු සහ ඔහුගේ බිරිඳ කුඹුරට ගොස් සිටි අවස්ථාවක් වූ බවත්, වැඩිමහල් දරුවා පාසල් ගොස් තිබූ බවත් බාල දරුවා ඥාති නිවසක සිටි බවත් පැවසේ.
මේ නිසා ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් හෝ වෙනත් හේතූන් මත මෙම පිපිරීම සිදුවී ඇත්ද යන්න පිළිබඳව අදාළ බලධාරීන් පරීක්ෂණ පවත්වයි.

නොවැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගෑස් පිපිරීම් 5 ක් වාර්තා වී ඇත.