කළුතර බෙන්තොට ප්‍රදේශයේ පවත්වා යන ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
මේ බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත තහවුරු කළේය.
සිසු සිසුවියන් 51දෙනෙක්ට සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනාට විරසය ආසාදනවී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම සිසු සිසුවියන් අලුත්ගම , බෙන්තොට , උරගස්මංහන්දිය , සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් දන්වා ඇත. ඒ අනුව අදාළ පන්ති පැවැත්වීම නවතා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval