කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන වාහන හේතුවෙන් කැලණි පාලම ආශ්‍රිතව ඇති වූ අධික රථවාහන තදබදයට පිළියම් වශයෙන් නව ගුවන් පාලමක් ඊයේ ජනපති හා අගමැති අතින් විවෘත විය.
අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පත්වූවද එය තවම ජනතාවට විවෘත කර නැත.
එහි රථ පැදවීමේ ආසාවෙන් අද උදේ ගමන් කළ වාහන සියල්ලට දක්නට ලැබී ඇත්තේ බැරියර් දමා පාලම පිවිසුම අවහිර කර ඇති අයුරුය.
නිල නොවන ආරංචි පැවසූයේ එහි මාර්ග සලකුණු කිරීම වේගසීමා සලකුනු දැමීම ආදී තවත් කෙටි වැඩ ටිකක් ඉතිරිව ඇතිනිසා එසේ කළ බවයි.
නමුත් නිල වශයෙන් ඊට හේතුව කිසිවෙකු පැහැදිලි කර නැත.
මේ වනවිට සමාජ මාධ්‍ය තුළ මේ ගැන විවේචන පළවෙමින් පවතින අතර එම කතාබහ තුළ කොළඹ නෙළුම් කුළුණද විවෘත කර වසා දැමූ බවට චෝදනා කියැවිණි
Comments
Post a Comment
Your comment will be visible after approval