සැමියාගේ රස්සාවේ බලතල අයථා භාවිතයේ යෙදවූ බිරියකගේ ක්‍රියාකලාපය හේතු කොට ගෙන බණ්ඩාරවෙල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබේ.
අදාළ පොලිස් අධිකාරීවරයාගේ බිරිඳ බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන්ට හා ස්ථානාධිපතිවරුන්ට දුරකථනයෙන් අමතා ‘තමා අහවලාගේ බිරිය‘ බව කියමින් ගම් කුකුල් මස්, බණ්ඩාරවෙල අල,
උසස් තත්ත්වයේඑළවළු සහ නිවසට අවශ්‍ය කරන ද්‍රව්‍ය ආදිය පොලිස් නිලධාරීන් ලවා ගෙන්වා ගැනීමට කලක් තිස්සේ පුරුදුවී ඇති අතර රාජකාරී පැහැර හරිමින් හෝ එම කාර්යන් ඉටු කරන ලෙස බල කරන බව වාර්තා විය.
එලෙස රැගෙන නොඑන තම නියෝග නොතකන අයට සැමියා ලවා බලපෑම් කිරීමටද කටයුතු කර ඇත.
බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් මෙම පොලිස්
අධිකාරීවරයා යටතේ පවතින අතර බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු තමන් හා සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ දුරකතන අංක බිරිඳගේ ජංගම දුරකතනයට ඇතුළත් කර ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනය සඳහා තබාගෙන තිබී ඇත.
සිත් තැවුලට පත් බණ්ඩාරවෙල පොලිස් නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත හෙළි
කරනු ලැබීමෙන් පසු පොලිස්පතිවරයාගේ නියෝගයක් මත සිදු කරනු ලැබූ පරීක්ෂණයකදී
එකී බලපෑම් සහ සූරා කෑම් පිළිබඳව කරුණු සත්‍ය බව ආනාවරණයවී තිබේ.
ඒ අනුව, මෙම සිද්ධි සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විමර්ශනයට අදාළ අධිකාරිවරයාද ප්‍රශ්න කළ අතර අනතුරුව දඩුවමක් ලෙස මෙම ස්ථාන මාරු කිරීම සිදු කර ඇත.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ පොලිස් අධිකාරීවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්
කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාරවරයා වශයෙන් ස්ථාන මරු කර යවා ඇති බව ය.
Comments
Post a Comment
Your comment will be visible after approval