අද (20) අලුයම් කාලයේදී කොළඹ, රීඩ් මාවතේ පැරණි තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි McDonalds අවන් හලේ පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවයි.ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කරන ලදි.
පිපිරිමෙන් කිසිදු ජිවිත හානියක් හෝ තුවාලයක් සිදුවූ අයෙකු තවම වාර්තාවී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Comments
Post a Comment
Your comment will be visible after approval