සිය බිරියට යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදුන් බවට චෝදනා ලබා සිටි ප්‍රධාන පොලිස්
පරීක්ෂකවරයකු නීතිඥයකු මාර්ගෙයන් අධිකරණය හමුවට ඉදිරිපත් වීමෙන් පසුව එම ප්‍රධාන පොලිස්
පරීක්ෂකවරයා මේ මස 22 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කළේ දියබෙදුම පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයකු මෙන්ම දැනට බකමූණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන ටී.ඩී. සනත් පුෂ්ප කුමාර ජයතිලක නමැත්තෙකි.
ඉකුත් 02 දින සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය බිරියට යකඩ පොල්ලකින් සහ අතින් පයින්
පහරදී ඇති බවත් පසුව එදිනම බිරිය ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්ව ඇති බවත් අධිකරණයේදී ප්‍රකාශ විය.
පසුව පොළොන්නරුව මහ රෝහල් පොලිසිය මඟින් ඇයගෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් මූලික ප්‍රකාශ ලබාගෙන ඒ පිළිබඳව දියබෙදුම පොලිස් ස්ථානය වෙත වාර්තා කර ඇති බවත් ඉන් අනතුරුව අදාළ පහරදීම පිළිබඳව මූලික පොලිස් විමර්ශන දියබෙදුම පොලිස් ස්ථානය මඟින් මෙහෙය වූ බවත් අධිකරණයේදී අනාවරණ විය.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙය වූ දියබෙදුම පොලිස් ස්ථානය ඒ පිළිබඳව බී/1400/2021
දරන වාර්තාව මඟින් බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට මූලික කරුණු දැක්වීම් සිදුකළ අවස්ථාවේ සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද නීතිඥ නාලක බණ්ඩාර මහතා මාර්ගයෙන් අධිකරණයට භාර විය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් දියබෙදුම පොලිසිය සහ සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ නාලක බණ්ඩාර මහතා අධිකරණයට කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත් සනත්
නානායක්කාර මහතා සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම
තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ මස 22 දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට මෙලෙස
නියෝග කරනු ලැබීය.
පොළොන්නරුව කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත දියබෙදුම පොලිස් ස්ථානයේ ළමා හා
කාන්තා කාර්යාංශය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරයි.
අනුරාධපුර- ආනන්ද කරුණාදාස
Comments
Post a Comment
Your comment will be visible after approval