අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපති කමලා හැරිස් වෙත පවරා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, කෙටි කාලයක් සඳහා ඒ අනුව කටයුතු කරනු ඇත. මෙලෙස ඇමරිකානු ජනපතිවරයෙකුගේ බලතල තාවකාලිකව හෝ ලබාගත් පළමු කාන්තාව බවට කමලා හැරිස් ඉතිහාස ගතවන්නීය.
විශේෂයෙන්ම හැරිස් මහත්මියට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ බලතල හිමි වීම විශේෂත්වයක් ලෙස එරට මාධ්‍ය වාර්තාකරයි.උප ජනාධිපතිනිය මෙම කාලය තුළ ඇයගේ කාර්යාලයේ සිට ම සේවය කරනු ඇත.
57 හැවිරිදි හැරිස් මහත්මිය අමෙරිකාවේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ පළමු කාන්තාව මෙන්ම කළු ජාතික සහ ආසියානු – අමෙරිකානු සම්භවයක් සහිත කාන්තාව ද වන්නී ය.
හෙට (20) දිනයේ 79 වන උපන්දින සමරන ජෝ බයිඩන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වන පළමු අවස්ථාව මෙයයි.
එරට පැවති සමීක්ෂණයකින් සියයට 50 ක් ප්‍රකාශ කර තිබුනේ ජනපති බයිඩෙන් එම තනතුර සඳහා ශාරීරිකව යෝග්‍ය නෙවන බව පෙනී යන බවයි.
එම සමීක්ෂණය ගැන පෙර වාර්තාව මෙතැනින්
Comments
Post a Comment
Your comment will be visible after approval