මෙවර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේදී
මේ වන විට තරඟාවලියේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී සිටින අතර B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්ව සිටියි.
ස්කොට්ලන්තය ඊයේ ලැබූ ජයග්‍රහණය නිසා බංග්ලාදේශයද දෙවැනි තැනට දමා බී කාන්ඩයේ පෙරමුණට ආ අතර
ඊයේ ලැබූ ජයග්‍රහණය නිසා සත්කාරක ඕමානයද 12 න් ඉවතට තල්ලුවිය.
ඊයේ (21) දින නිමා වූ ස්කොට්ලන්තය සහ ඕමානය අතර තරගයෙන් ස්කොට්ලන්තය කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ගන්නා ලදි.
ඕමානයේ Al Amerat ක්‍රිකට් පිටියේ දී මෙම තරගය ආරම්භ වන විට ස්කොට්ලන්තය අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු 4ක් (NRR 0.575) ලබා ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ ද ඕමානය එක් තරග ජයග්‍රහණයක් සමඟින් ප්‍රසාද ලකුණු 2ක් (NRR 0.613) ලබා ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ ද සිටියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමානය සියලුම දෙනා දැවී ලකුණු122ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ස්කෝට්ලන්තය පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 123ක් වාර්තා කර ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval