වැල්ලවාය ඇල්ල වළේ දිය නාමින් සිටි එකම පවුලේ තිදෙනෙකු ඊයේ (20)දා සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ බව වැල්ලවාය පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි 35 හැවිරිදි පියා,
15 හැවිරිදි පිරිමි දරුවෙකු හා 09 හැවිරිදි දියණියකි. කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට වැල්ලවායට විනෝද චාරිකාවක පැමිණි එකම පවුලේ තිදෙනෙකු ඇල්ල වළේ දිය නාමින් සිට ඇති අතර, එකවර එම පවුලේ තිදෙනා අතුරුදන්ව සිටියදී අවට සිටි සංචාරකයන් පිරිසකගේ අවධානයට ලක්වී තිබේ.
අවට සිටි පිරිස් විසින් සුළු මොහොතකට පසු තිදෙනාව දියෙන් ගොඩට ගනිද්දීත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටි බව පරීක්ෂණවලදී අනාවරණය විය. පසුගිය මාස කිහිපයේදී පමණක් මෙම සංචාරක ස්ථානයේදී පුද්ගලයන් පස් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ බව වැල්ලවාය පොලීසිය සඳහන් කරයි. මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණය. සිදුකිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ලුණුගල - ප්‍රසන්න පත්මසිරි)
Comments
Post a Comment
Your comment will be visible after approval