ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුකර්නෝගේ දියණිය වන සුක්මාවතී සුකර්ණෝපුත්‍රි අඟහරුවාදා 26 දා ඉස්ලාම් ආගමෙන් ඉවත්ව හින්දු ආගම වැළඳ ගැනීමේ චාරිත්‍රය සිදු කරන බව දන්වා තිබේ.
ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහණයක් වාසය කරන රටකි.
70 හැවිරිදි වියෙහි පසුවන සුක්මාවතී කුඩා කාලයේ සිට හින්දු දේව ධර්මය හදාරා ඇත්තේ ඇගේ මිත්තණියගේ ආභාසයෙන් වන අතර මිත්තණියද ඉස්ලාම් අතැර හින්දු වැළඳගත් තැනැත්තියකි.
ලබන අඟහරුවාදා බාලිහි අගුං සිංගරාජා හි සුකර්නෝ මධ්‍යස්ථානයේ හින්දු දහමට පිවිසීමේ චාරිත්‍රානුකූල උත්සවයක්ද පැවැත්වේ.
සුක්මවතී සුකර්ණෝපුත්‍රි සුකර්නෝගේ තුන්වන දියණිය වන අතර හිටපු ජනාධිපතිනි මෙගාවතී සුකර්ණෝපුත්‍රිගේ බාල සොහොයුරියයි.
2018 දී, ඉස්ලාමයට අපහාස වන අයුරින් කවියක් කියූ බවට චෝදනා කරමින්, සුක්මාවතී සුකර්ණෝපුත්‍රීට එරෙහිව දැඩි ඉස්ලාමීය කන්ඩායම් අපහාස කිරීමේ පැමිණිල්ලක්ද සිදු කර තිබුණ අතර ඇය ඒ ගැන පසුව සමාව ඇයැද තිබුණි.
සුක්මාවතී ඇගේ මිත්තණිය වූ අභාවප්‍රාප්ත අයිඩා අයු නියොමන් රායි ශ්‍රිම්බෙන් (1881-1958) ගේ බලපෑම යටතේ හින්දු ආගම වැළඳ ගැනීමට තීරණය කළ බවත් අනතුරුව ඒ රටේ වාසය කිරීම සැකසහිත බවත් සුක්මාවතීගේ නීතීඥවරිය පැවසුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval