
බංග්ලාදේශය සමග ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රීලංකා 19 පහළ සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇත.
පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ඒ ගැන සිය සතුට පළ කර තිබේ.
හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ පුහුණුකුරු උපදේශකත්වයද සමග දිගු ගමනක් යාමට සැරසෙන මෙසම කණ්ඩායම මුල සිට සකස් කළ යුතු බවත්
මාස 18 කටත් වැඩි කාලයක් තිස්සේ කිසිදු ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා කර නැති පසුබිමක ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරවීම අභියෝගාත්මක ත්තවයක් වුවද එය ජයගන්නට උත්සාහ කරන බවත් අවිශ්ක පවසා තිබේ.
දින කිහිපයක විවේකයෙන් අනතුරුව පුහුණුවීම් ආරම්භ කරන බව දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval