ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය.
මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය.
අද තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් අඩු ලකුණු හේතුවෙන් ජයග්‍රහණයක් ලබාගන්නට බැරි විය. පරාජයෙන් පසු Points table අනුව ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ 4 වැනි තැනට පත්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval