විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනා කර සිටියේය.
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් බංගලිදේශය කඩුළු 4 කට 171 ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිල ඕවර 18.5 කදී ලකුණු 172 ක් ලබා ජයග්‍රහණය අත්කරගත්තේය. චරිත් අසලංක නොදැවී 80ක් ලබාගැනීම කැපී පෙනිණි. භානුක රාජපක්ෂ 53 ක් ලබාගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval