පසුගියදා ශ්‍රී ලංකාවෙන් දරුවන් 6 දෙනෙකු එක්වර ප්‍රසූතකළ මවක ගැන තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවකද එකවර දරුවන් 7 ක් ප්‍රසූත කළ පුවතක් වාර්තා විය. නමුත් අද පාකිස්තානයේ පළවන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් වාර්තාවකින් පැවසෙන්නේ එකී දරුවන් 07 දෙනාගෙන් 06 දෙනෙකුම මියගොස් ඇති බවත් ඉතිරිව ඇත්තේ එක් අයෙකු පමණක් බවත්ය.



ජින්නා ඇබොටාබාද් ජාත්‍යන්තර රෝහලේ  (JIHA) හි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මෙම දරුවන් 7 දෙනා බිහිකර තිබුනේ පසුගිය ඔක්තෝබර් 16 වනදාය.
පිරිමි ළමයින් හතර දෙනා, ගැහැණු ළමයින් තිදෙනෙකු සහ ඔවුන්ගේ මව ස්ථාවර තත්ත්වයේ පසුවන බව මුල් වාර්තාවෙන් දැක්වුණි. අලුත උපන් බිළිඳුන්ගේ ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර ගියේය.
34 හැවිරිදි රුක්සානා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන යාර් මොහොමඩ් බිළිඳු සප්තමයන් ඉපදීමට පෙර දියණියන් දෙදෙනෙකුගේද දෙමාපියන් විය. ඒ අනුව ඔවුන්ට දරුවන් 09 ක් විය.


මෙම යුවළ ජීවත් වන්නේ ඇබොටාබාද්හි ය.  රුක්සානා නොමේරූ දරු ප්‍රසූතිය සඳහා ඇබොට්බාද්ගේ පෞද්ගලික පවත්වාගෙන යන ජින්නා ජාත්‍යන්තර රෝහලට ගෙන එන ලද්දේ ළදරුවන් සති 36 ක් වෙනුවට සති 32 කින් සංකීර්ණ ශල්‍ය කර්මයකින් උපත ලබා දෙන්නටය.
කෙසේ වෙතත්
 අලුත උපන් බිළිඳුන් හත් දෙනාගෙන් 5 දෙනෙකුම මුල් දිනවලදීම මියගොස් තිබුණි. අනතුරුව රජයේ අයුබ් ශික්ෂණ රෝහලේ ළමා තවාන් වාට්ටුව වෙත ඉතිරි දෙන්නා මාරු කර ඇත්තේ එහි වැඩි පහසුකම් පවතින විශ්වාසය මතය. ඉතිරි දෙදෙනාගේ තත්ත්වය අසතුටුදායක මට්ටමක පැවති අතර අද ඉන් එක් අයෙකුද මියගිය බවත් මේවනවිට 6 ක්ම මියගොස් එක් අයෙකු පමණක් ඉතිරිව ඇති බවත් වාර්තා කර ඇත.

රෝහලේ ළමා වාට්ටුව භාර වෛද්‍ය ඉජාස් හිසේන් පැවසුවේ නොමේරූ උපත් ආශ්‍රිත සංකූලතා හේතුවෙන් හයවන දරුවා අඟහරුවාදා මියගිය  බවයි. හත්වැනි දරුවා දැනට ප්‍රතිකාර ලබමින් සිටී.

ළදරුවන් හත් දෙනාම නොමේරූ ලෙස උපත ලැබූ අතර බර කිලෝග්‍රෑම් 1 ක් පමණ වූ අතර සංකූලතා කිහිපයකට මුහුණ දුන් බව වෛද්‍ය ඉජාස් ප්‍රකාශ කළේය.

රෝහලේ පරිපාලක රාජා මහබූබ් ජන්ජුවා පැවසුවේ උපතේ සිට ඉන්කියුබේටරයක සිටි එක් පිරිමි ළමයෙකු දින දෙකකට පසුව මිය ගිය බවයි.

ඒ වන විට ඔවුන්ගේ මව සමඟ තවත් ගැහැණු ළමුන් තිදෙනෙකු සහ පිරිමි ළමුන් තිදෙනෙකු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව වාර්තා කෙරිණි.

මෙම කාන්තාවගේ සංකීර්ණ ශල්‍යකර්මය සිදු කළ JIHA හි නාරිවේද විශේෂඥ වෛද්‍ය Hina Fiaz පැවසුවේ, "කාන්තාව යම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරමින් සිටි නිසා කලල වැඩි ප්‍රමාණයක් පරිණත වී එකවර ගැබ් ගැනීම් සිදුවූ බවකි".

ඇය සංකීර්ණ ශල්‍යකර්මය සිදු කළ අතර ඉන් පසුව කාන්තාවක් JIHA හිදී දරුවන් 7 ක් ප්‍රසූත කළාය. "අල්ට්රා සවුන්ඩ් සහ අනෙකුත් වාර්තා යෝජනා කර ඇත්තේ මව දරුවන් පස් දෙනෙකු සමඟ ගැබ්ගෙන ඇති බවක් වූ අතර ඇය සති 32 පසු කර තිබුණි.

 අයුබ් රෝහලේ භාර වෛද්‍ය එජාස් හුසේන් පැවසුවේ - ළමුන් 6 දෙනෙකු මියයාමෙන් පසු හත්වැනි දරුවා බේරා ගැනීමට අපි උපරිම උත්සාහයක් දරමින් සිටිමු, ඔහුගේ තත්ත්වය ද මේ වන විට අනතුරෙන් මිදී නොමැත. සමහර දරුණු සංකූලතා ඇත. නොමේරූ දරු ප්‍රසූතියේදී එවැනි ගැටළු බොහෝ විට පැන නගී. මේ අන්තිම දරුවා බේරගන්න අපි අපේ උපරිමය කරනවා.  යනුවෙනි.
(එක්ස්ප්‍රස් ට්‍රිබියුන් ඇසුරිනි - Gossiplankanews.com)