පැහැදිලි කළ නොහැකි ආකාරයට උපයාගත් මුදල් සාමාන්‍ය බැංකුවල තැන්පත් කිරීම ගැටලුකාරී නිසා ඇතැම් සල්ලිකාරයින් ලෝකයේ තැන් කිහිපයක පමණක් ක්‍රියාත්මක පූර්ණ රහස්භාවයෙන් යුතු බැංකු තෝරාගෙන මුදල් සැඟවීම කරන අතර මේවා ගැන ඇස ගසා සිටින මාධ්‍ය කණ්ඩායමක් ‘පැන්ඩෝරා පේපර්ස්‘ නමින් එකී මුදල් සැඟවූවන්ගේ ලැයිස්තුවක් හෙළිදරව් කර තිබේ.  මින් ඉහත 2016දී ‘පැනමා පේපර්ස්‘ නමින්ද ඒ ආකාර හෙළිදරව්වක් කළ අතර එම හෙළිදරව්ව නිසා බොහෝ පිරිසක් සමාජ අපකීර්තියට හා නීතිමය ගැටලු වලට ලක්විය.


2021 පැන්ඩෝර් පේපර්ස් අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව (ICIJ) මගින් ප්‍රධාන වශයෙන් රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් රාජධානිය සහ මෙක්සිකෝව ඇතුළු රටවවල් ගණනාවක ප්‍රකෝටිපතියන් සහ කීර්තිමත් පුද්ගලයින් 335 කට අධික සංඛ්‍යාවක් අප්‍රසිද්ධ බැංකු ගිණුම් භාවිතා කර රහසිගත වත්කම් මිලදී ගත් බව හෙළිදරව් කර තිබේ.
මෙම බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් ඇත්තේ සිෂෙල්ස්,හොංකොං,බෙලීස්,බ්‍රිතාන්‍ය වර්ජින්,සයිප්‍රස්,පැනමාව, ඩුබායි, මොනාකෝ, ස්විට්සර් ලන්තය හා කේමන් දූපත්හි බැංකුවලය.එම රටවල ඇතැම් නීති අනුව කිසිවෙකුගේ ගිණුම් විස්තර අධිකරණ නියෝගයකින්වත් එළිනොකරන බැංකු පවත්වා යාහැකි නිසා මෙම ආරක්ෂිත ස්ථානවල මුදල් තැන්පත් කර ඇති අතර බොහෝ විට ‘කළු සල්ලි‘ ඒවායේ තැන්පත් කරන බව පිළිගැනීමයි.
දැනට මෙම ගනුදෙනු සම්බන්ධ හෙළිදරව් වී ඇති අය අතර ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්, කොළොම්බියානු ගායිකා ෂකිරා, ජෝර්දානයේ රජු අබ්දුල්ලා ,රුසියානු ජනපති පුටින්ගේ සමීප සහයකයින්, පාකිස්තාන අගමැති ඉම්රාන්ගේ සමීපතම ඇමතිවරුන් කණ්ඩායමක්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මෙන්ම ශ්‍රී ලංකාවේ
 හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ගේ නම් ද සඳහන් කර තිබේ.
ICIJ හෙළිදරව් පත්‍රිකාව අනුව නිරූපමා හා නඩේසන් දෙන්නාගේ මුදල් තැන්පත් කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ බැංකුවකය.


මේ අය තැන්පත්කළ රටවල් සම්බන්ධ සියලු විස්තරද ICIJ හෙළිදරව් කර ඇති අතර ඒවා සත්‍ය ලේඛන බවට තහවුරු කිරීම්ද කර තිබේ.
මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධියට පත්කර තිබේ.
පැන්ඩෝරා ලේඛනය තවම යාවත්කාල වෙමින් පවතින අතර දැනට හෙළිව ඇති නම් ලැයිස්තුව පහතින්