නුවරඑළිය රාගලවත්ත ප්‍රදේශයේ වතු නිවාස පේළියක පිහිටි නිවාස ඒකකයක ඇතිවූ ගින්නක් නිසා එකම පවුලකට සම්බන්ධිත 5 දෙනෙකු ජීවිතක්ෂයවට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රී මෙම ගින්න ඇතිවූ ආකාරය පැහැදිලි නැති බවද පැවසේ.
මෙම නිවසේ සිටි වය 60 ක පමන පිරිමි පුද්ගලයෙකුත් වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකුත් වයස 11 හා 1 දරු දෙන්නෙකුත් ගින්න නිසා නිවස ඇතුළතදී පිළිස්සී මියගොස් තිබේ.
මීට ඉහත 2021 මාර්තු මාසයේදීත් මෙම නිවාස පේලියක ගින්නක් හටගෙන මහත් විනාශයක් සිදුව තිබුණි.
ගින්න මේ වනවිට නිවා දමා ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval