කොත්මලා ඔයේ දිය නෑමට ගොස් දින නවයක් තිස්සේ අතුරුදන්ව සිටි 34 හැවිරිදි තරුණයාගේ සිරුර කොත්මලා ජලාශයේ ඉහළ කොටස පිහිටි නියර ප්‍රදේශයේ තිබී 11 වැනිදා හමු වූ බව පූඩළුඔය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පූඬළුඔය කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඉලංග සංජය නැමැති විවාහකයකු බව පොලිසිය කියයි.
මොහු තවත් මිතුරන් පස් දෙනකු සමග පසුගිය 02 වැනිදා මහවැලි ගගේ අතු ගංගාවක් වූ කොත්මලා ඔයට දිය නෑමට ගොස් සිටි බව පොලිසිය කළ මූලික විමර්ශන වලදී හෙළි වී ඇත. වැව හේන පාලමට ඉහළින් ඇති වළක නැමට සූදානම් වූ ඔහුගේ පය පැටලී දියට වැටී ගහගෙන ගොස් ඒ ආසන්නයේ ඇති දිය ඇල්ලකින් පහළට වැටී අතුරුදන් වූ බව අනෙකුත් මිතුරු පිරිස පොලිසියට පවසා ඇතැයි පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් මෙම තරුණයා සොයා ගැනීමට උත්සාහ දැරුවද එය අසාර්ථක වී ඇතැයි ද පොලිසිය කියයි. පසුව යුද හමුදාව පොලිසිය හා නාවික හමුදාව එක්ව දින ගණනාවක් පුරා ගඟේ විවිධ ස්ථානවල සොයා බැලීම් කළද මොහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබිණි.
කඳුකර ප්‍රදේශයේ පවතින වර්ෂාව සමඟ ගගේ දිය පහර වැඩි වී තිබීම මොහු සොයා ගැනීම බාධාවක්ව තිබියදී දින නවයකට පසු මොහුගේ සිරුර කිරිදිවෙල පුවත් අත්තාව නැමැති ප්‍රදේශයේ තිබෙන බව ප්‍රදේශවාසීන් දැක තිබූ බව පොලිසිය කියයි. එම ස්ථානයෙන් සිරුර ගොඩ ගැනීමට උත්සාහ දැරුවද වැඩි වී ඇති ජල පහර සමග සිරුර ගසා ගෙන ගොස් කොත්මලේ ජලාශය තුළ රැඳී තිබේ. ගොඩ ගත් සිරුර පරික්ෂණය සඳහා ගම්පොළ රෝහලට ඒවා තිබූ අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය 12 වැනි දා පැවැත්වීමට නියමිතව තිබිණි.
- සුරංග රාජනායක--
Comments
Post a Comment
Your comment will be visible after approval